4932607 M

කොරෝනා වෛරසය තව දිගු කාලයක් ?

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි

Corona_කොරෝනා වෛරසය

ජිනීවා (ඒෆ්පී) ජාත්‍යන්තර අනතුරු ඇගවීමක් කර මාස හයකට පසුව අර්බුදය තක්සේරු කිරීම සදහා හදිසි කමිටුව රැස්වීමෙන් පසුව කොරෝනා වෛරස් වසංගතය දීර්ග විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීය.

කොවිඩ් 19 වසංගතයේ අපේක්ෂිත කාලසීමාව ඉස්මතු කරමින්.ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර මේ බව කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහලම මට්ටමේ අනතුරු ඇගවීම වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව (PHEIC) ප්‍රකාශයට පත් කිරීමෙන් වසර අඩකට පසුව,කොරෝනා වෛරස් අර්බුදය සම්බන්ධයෙන් සිව්වන වරටත් මණ්ඩලය රැස්වීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 හි ගෝලීය අවදානම් මට්ටම ඉතා ඉහල මට්ටමක පවතින බව තක්සේරු කරයි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් අවම වශයෙන් මිලියන 17.6 ආසාදනය වී තිබේ. ඒ වගේම අවම වශයෙන් පුද්ගලයින් 680,000 මිය ගොස් ඇත.

සාමාජිකයින් 17 දෙනෙකු සහ උපදේශකයින් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම මන්ඩලය ඒක මතිකව එකග වූයේ වසංගතය තවමත් ලෝකයට ඉහලම මට්ටමේ අනතුරක් තිබෙන බවයි.

Leave a Reply

error: