5241913 L

අගහරු තරණයට සැරසෙන ස්පේස් X වෙතින් සාර්ථක ඇරඹුමක්

ස්පේස් X ස්ටාර්ෂිප් SN5

පසුගිය අගහරුවාදා දින ටෙක්සාස් හි දී ස්පේස් X යානයේ ගමනාරම්භය සාර්ථකව අත්හදා බලන ලදී. මෙය ස්ටාර්ෂිප් SN5 යානාවල මුලාකෘතියේ තවත් විකාශනයක් ලෙස සැලකේ.

ඓතිහාසික පියවරක් තබමින් මෙක්සිකෝවේ දී ස්පේස් X ක්‍රිව් ඩ්‍රැගන්
අභ්‍යාවකාශ යානය මගින් ගමනාරම්භයෙන් දින දෙකකට පසු එහි ගමන් ගත් ගගනගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව යලි පෘථිවිය වෙත රැගෙන ඒමෙන් දින දෙකකට පසුව මෙම අත්හදා බැලීම සිදු කරන ලදී. ද්‍රව ඔක්සිජන් සහ අධිශක්ති මීතේන් පදවනයක් භාවිතා වන තනි එන්ජිමකින් සමන්විත මෙම යානය සයිලෝවක ආකෘතියකට සමානව සකස් කර ඇත.
අත් හදා බැලීම සිදු කරන ලද අවස්ථාවේ දී යානය පසෙකට හැරී ආපසු ගොඩ බැසීමට පෙර දළ වශයෙන් පොළොව මට්ටමෙන් මීටර 150 පමණ ඉහළට එසවෙනු දක්නට ලැබුණි.

මෙම අත්හදා බැලීමේ දී යොදා ගන්නා ලද්දේ කුඩා පරිමාණයේ යානයක් වුව ද අගහරු වෙත ළගා වීමේ අරමුණින් නිර්මාණය කරනු ලබන රොකට් යානය අඩි 394 දිගින් හා කොටස් දෙකකින් යුක්ත වූවකි. එය ඉතා විශාල සහ නැවත භාවිතා කළ හැකි බූස්ටරයකින් සහ ඒ මත පිහිටි අභ්‍යාවකාශ යානයෙන් සමන්විත ය.

ස්පේස් X_ස්ටාර්ෂිප් SN5

මෙම යානයෙහි මුල් කොටසේ පිහිටි එන්ජින් 30කින් පවුම් මිලියන 16ක තෙරපුමක් ද ඉදිරි කොටසේ පිහිටි එන්ජින් 6කින් පවුම් මිලියන 1.6 තෙරපුමක් ද ජනනය කරනු ලබයි. අගහරු ග්‍රහයා වෙත ළගා වීම අරමුණු කරගත් මෙම යානය දැනට අත් හදා බලම්න් හා වැඩි දියුණු කරමින් පවතින තාප ආවරණ තාක්ෂණය භාවිතයෙන් ස්ථාන කිහිපයක දී අගහරු ග්‍රහයා වෙත ගොඩ බැස්සවීමට අපේක්ෂා කෙරේ.
ස්පේස් x යානයේ සාර්ථක අත්හදා බැලීමෙන් පසුව අගහරු ග්‍රහයා වෙත ළගා වීමේ සිහිනය සැබෑවෙන ලකුණු පහල වී ඇතැයි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මාස්ක් මහතා පැවසීය. මෙහි මීළග අදියර වනුයේ මෙවන් අත්හදා බැලීම් කිහිපයක නියැලී අවසාන අරමුණ වෙත ළගා වීමට ඇති දුෂ්කරතා අවම කර ගැනීම බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

error: