දොළු කන්ද

ලස්සන” දොළු කන්ද”

දොළු කන්ද පිලිබදව සිතා බලන විට එහි ඇති වැදගත්කම අපි සිතනවාට වඩා ගැඹුරු බව අප කිව යුත්තේ මෙසේය.

දුටුගැමුණු රජතුමා මෙය බලකොටුවක් ලෙස පවත්වාගෙන නොගියත් බලකොටුවක් ලෙස රහසිගතව තබාගෙන සිටියාය කියන්නට පුලුවන.

පටුනු ගම් හොදයි දොළු කන්ද  දැලේ
ගල් වැඩ හොදයි එම කන්දේ හිමාලේ
පල වැල රසයි එම කන්දේ හිමාලේ
මුහුද පෙනෙයි එම කන්දට වයි කාලේ

දුටු ගැමුණු රජතුමාගේ කාලේ රජතුමාට නැවතී සිටීමට මලිගාවක් හා භාවනා යෝගී භික්ෂු භික්ෂූනි ආරණ්‍ය කුටි තිබුන බවට අදත් ඒ ගල්කුනු සිටුවා ඇති ආකාරය දුටුවාම සිතා ගන්නට පුලුවන.

දොළු කන්දේ ගලදෝ අර පෙනෙන්නේ
ගල මුදුනේ රන් තොරණකි වැනෙන්නේ
රන් තොරණේ රණ ගිරවෙකි ලගින්නෙ
දොළු කන්දේ දෙවියනි අපි රැක දෙන්නේ

රාම රාවණා යුද්ධෙදි හනුමන්තා හිමාල වනයෙන් ගෙන ආ කන්ද දොළු කන්ද යැයි කියන කතාවක්ද ජනප්‍රවාදයේ ඇත.

IMG 20200823 WA0008

මහ හැඩයා ,කුඩා හැඩයා ,වන රාජ , ගුරුලු රාජ,ගුරු රාජ ,කුඩා පත්ම , මහා පත්ම, මහ සුදනා ,කුඩා සුදනා ,පටි ධාතු ,නව හංදි,කිරි හංදි,වලස් ඇදිරිය ,මහ කලුවා, කුඩා කලුවා,දුං දුම්මල ,කැකුන මල ,මුව කීරිය වැනි වටිනා බෙහෙත් රාශියක් මෙම වනයේ තිබෙන බව කිව යුතුව තිබෙනවා.

ඖෂධ ජාති හා මහ මාලිගා  ගැබ
ලොව්තුරු සුවය සෙව්වන්ගේ සොහොන් ගැබ
මෙව්වා නිසා ඇති නටබුන් ගොඩක් ලැබ
කෞතුක වස්තුවකි  දොළු කුමාරියේ ඔබ

බුදු දම් සමිදු සමයෙහි කල රජ කෙහෙලි
ඉතිහාසයක් ඇති කල හොද එලි පෙහෙලි
හිරියල් කොමලියගෙ ප්‍රිය ආදර යෙහෙළි
දොළු කුමරියේ නූනේ ඇයි තව මැහැලි

දොළු කන්ද_dolu kanda

බුද්ධදාස රජතුමා ප්‍රසිද්ධ රජ කෙනෙකි.මෙතුමා දොළු කන්දට දැක්වූයේ තම ප්‍රාණයට හා සමාන ආදරයකි.තම වෙදකමට අවශ්‍ය ඖෂධ මෙම කන්දෙන් සොයා සපයා ගත් බව මුඛ ව්‍යවහාරයේ පවතී.එසේම රජතුමා දැක්වූ ආදරය නිසාම  දොළු කන්දට පෙනෙන්නට චෛත්‍යයක් ඉදිකර  රත්තරනින් සදා නිම කරන ලද කොතක් තබා තිබුණ බව මෑත කාලයේ හමුවූ රන්කොත නිසාම පිලිගත හැකියි.

තවද බුද්ධ දාස රජතුමා දොළු කන්දට දැක්වූ ආදරය නිසාම තම සතු වස්තුව මෙම කන්දේ නිධන් කර ඇති බවද නොකියාම බැරිය. කුඩා රාක්ෂ මූණ ,මහා රාක්ෂ මූණ , හුලං කපොල්ල, ගල් ගෙය මෙම කන්දට අසිරිය ගෙන දෙන සුන්දර ස්ථාන බවට පත්ව ඇත.දුනු කෙයා පොකුණ ,මහ පොකුණ එකටම පිහිටා ඇති. ගල් පොකුණු සතර මෙහි අසිරිය වඩ වඩාත් ඇති කරයි.

දොළු කන්ද උඩ මුදුන තැනි තලාවක් සේ පිහිටීම කිලෝ මීටර 11 පමණ දිගකින් හා ,කිලෝ මීටර දෙකක් පමණ උඩ මුදුන පළළින් පිහිටීම සතර අතින්ම තනි ගල් පර්වතයක් සේ පිහිටීම වන සතුන්ගේ අභය භූමියක් වශයෙන් රාජ ධාණියක් වශයෙන්ද මෙය පවතී.

දොළු කන්ද_dolu kanda

විජය කුමාරයා ලංකාවට පැමිණ කුවේණි නැමති යක්ෂනීට ගොදුරු වි සිටි කුවේණි ගල මෙම දොළු කන්දට සමීපයේ පිහිටා ඇත.
වළගම්බා රජතුමා මාස 18 පමණ සැගවී සිටි රන්කිරිමඩ විහාරය පිහිටා තිබෙන්නේද මෙම දොළු කන්ද පාමුලය.
තවද මලියදේව මහ රහතන් වහන්සේගේ
අරන් කැලේ පිහිටා තිබෙන්නේ දොළු කන්දේ කදු සාඛාවකිනි.ඩිංගිරි මෑණියන්ගේ ගල්ගෙය නමින් හැදින්වෙන ගල්ගෙය මෙම කන්දට සමීපව පවතී.

මේ අනුව සිතනවිට මෙහි ඇති වැදගත්කම අති විශාලය.ඖෂධ වටිනා ගස් සේම දුම්මල,කැකුණුමල රජදරුවන්ගේ පහස ලැබ ,මලියදේව මහරහතන් වහන්සේගේද පහස ලැබ රන්කිරිමඩ විහාරය අදත් එදා මෙන්ම දොළු කන්දේ අසිරිය ඔපවත් කරයි.

දුටුගැමුණු රජතුමා සහ බුද්ධදාස රජතුමා දෝල පබ්බත නොහොත් දෝලාවෙන් ආගිය පර්වතය පසුකාලීනව දෝලිය පුර නුවර නම් විය.
පසු කාලීනව දොළුව නම් විය.වළගම්බා රජතුමා සැගව සිටි ස්ථානය රන් කිරිමඩ නමින් හැදින්වීය.කන්ද නායා යාමෙන් රත්තරන් කිරියක් යට වී තිබෙන මෙම ස්ථානය කටාරන් කොටා ඇති  ගල් ගෙවල්   දැක ගැනීමට තිබේ.නිධන් තිබුණු බවට සලකුණු දැක ගැනීමට තිබේ. හොද දේශගුනික තත්වයක් හා ජලය උස් කදු මුදුන නිසාම දුටු දූටුවන්ගේ සිත් පිනායන හෙයින්, මෙම ඓතිහාසික  ස්ථානය රැක බලා ගැනීම අප හැමදෙනාගේම යුතුකමක් වන්නේය.

තොරතුරු සැපයු ආයුර්වේද විශේෂ වෛද්‍ය සුමනදේව මහතාට අපගේ විශේෂ ස්තූතිය

Leave a Reply

error: