MS Dhoni ” MS දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යයි
Embed from Getty Images“MS Dhoni “ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන MS දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ. ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝවක් දමමින් දෝනි විසින් මෙම තහවුරු කිරීම සිදු කරන ලදී. මෙතෙක් ඔබලාගේන් මට ලැබුණු ආදරයට හා සහයෝගයට බොහෝම ස්තූතියි යනුවෙන් ඔහු සදහන් කර ඇත.
2007 T 20 ලෝක කුසලානය, 2011 දී ඕවර 50 එක්දින ලෝක කුසලානය සහ 2013 අයිසීසී චැම්පියන්ස් කුසලානය යන අයිසීසී කුසලාන 3 ක්ම දිනාගන්න නායකත්වය දී ඇති දෝනි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සීමිත ඕවර ජාත්‍යන්තර තරගවල වඩාත්ම සාර්ථක නායකයා ලෙස විශ්‍රාම යයි. ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළේ 2019 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාව නවසීලන්තයට පරාජය වීමෙනි.
2014 දෙසැම්බරයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කළ දෝනි එක්දින හා විස්සයි 20 තරග ක්‍රීඩා කරමින් ඉන්දියාව 2015 ලෝක කුසලාන සහ 2016 ලෝක විස්සයි 20 තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. තරග 350 කදී ලකුණු 10,733 ක් ලබා ඇති දෝනි, එක්දින තරගයේදී ඉන්දියාවේ මෙතෙක් වාර්තා කළ ලකුණු ලාභීන් අතර පස්වන ස්ථානයේ පසුවන අතර ඔහු පසු පසින් සිටින්නෙ සචින් තෙන්ඩුල්කාර්, විරාත් කෝලි, සෞරව් ගංගුලි සහ රාහුල් ද්‍රවිඩ් යන හිටපු ක්‍රීඩකයන්ටය.
දෝනිගෙ සමුගැනීම ගැන සදහන් කරන ට්විටර් පනිවිඩ කිහිපයක් පහතින් බලා ගත හැක