Whatsapp settings_වට්ස්ඇප් settings

Whatsapp settings ,ඔබ වෙනස් කල යුතුම වට්ස්ඇප් settings

Whatsapp settings , අදම වෙනස් කල යුතු ඔබගෙ වට්ස්ඇප් settings

Whatsapp settings_වට්ස්ඇප් settings

ස්මාර්ට් දුරකථනයක් භාවිතා කරන අපි කා අතරත් ජනප්‍රියම මැසෙජ් හුවමාරු කරගන්නා මාධ්‍යක් තමයි වට්ස් ඇප්(whatsapp) කියන්නෙ.

Whatsapp විශේෂයෙන්ම ඇති උන කොරොනා තත්වය හමුවේ සිසුන්, ගුරුවරුන් ,ගොඩක් ආයතන whatsapp group chat වලින් තමයි අවශ්‍ය කටයුතු පහසු කරගත්තෙ.විශේෂයෙන්ම සිසුන්ට යමක් ඉගෙන ගන්න, සටහන් යවන්න ,ප්‍රශ්න පත්තර ලබාගන්න,video calls හරහා උගන්නන්න, ඉගෙන ගන්න whatsapp ගොඩක් සහය උනා.

අපි අද කථා කරන්නෙ ඔබ අනිවාර්යෙන්ම සකසා ගත යුතු අපගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගත හැකි වට්ස් ඇප් තුල අපි නියමාකාරයෙන් භාවිතා නොකරන සෙටින්ග්ස්(settings)පිලිබදවයි.කතා කරන සමහර දෙවල් හෝ හැමදෙම දැනටමත් ඔබ භාවිතා කරනව වෙන්නත් පුලුවන්. මේ සටහනේ අරමුණ ඒව භාවිතා නොකරන අයට ඒ ගැන දැනුවත් කිරීමයි.

අපි අද මුලින්ම කතා කරන්නෙ ඔබගේ ආරක්ෂාවට තිබෙන privacy සෙටින්ග් ගැනයි.

Screenshot 20200809 175010

උඩ තියෙන රූපයෙ පරිදි දකුන පැත්තෙ තියෙන තිත් (Dot)තුන ක්ලික් කලාම අපිට දැක ගන්න පුලුවන් setting

whatsapp settings_වට්ස්ඇප් settings

Setting වලට ගියාම අපිට දැකගන්න පුලුවන් පහත පරිදි

whatsapp settings_වට්ස්ඇප් settings

ඔන්න ඔතනින් account කියන එක ක්ලික් කලාම අපිට දැක ගන්න පුලුවන් පලවෙනිම එක privacy.

whatsapp settings_වට්ස්ඇප් settings

අපි අද ඉස්සෙල්ලම කතා කරන්නෙ මෙන්න මේ privacy setting ගැන.

ඒක ක්ලික් කරපු ගමන් ඔබට මුලිම්ම දැක ගන්න පුලුවන් last seen.

මෙකෙන් අපිට හදාගන්න පුලුවන් අපි අවසාන වතාවට whatsapp භාවිතා කලේ කවද්ද ඒක අපිට කාටද පෙන්න්නන ඕනෙ. කාටද නොපෙන්න ඉන්න ඕනෙ කියල අපිට හදාගන්න පුලුවන්.

ඊලගට තියෙන එක තමයි profile photo

මෙතනින් අපිට හදාගන්න පුලුවන් අපේ profile picture හැමෝටම පේන්න දානවද එහෙම නැත්තන් ,අපේ contacts ලිස්ට් එකේ ඉන්න අයට ව්තරක් පේන්න තියෙනවද ,එහෙමත් නැත්තන් හැමෝටම නොපෙනෙන්න දානවද කියල.

About

ඔබ ගැන විස්තර ඔබ about කියන එකෙ සදහන් කරල තියෙනවනම් ඒ විස්තර කාටද පේන්න තියන්න ඕනෙ කියල අපිට හදාගන්න පුලුවන්.

Groups

මේක සමහර අයට වැදගත් වෙයි ඔයාලට.මොකද සමහර වෙලාවට අපිට දැකගන්න පුලුවන් අපි දන්නෙවත් නැති group වලට අපිව ඇතුලත් කරල තියෙනව.එහෙම ප්‍රශ්න වලින් අපිට මිදෙන්න පුලුවන් මෙතන setting අපිට ඕන විදියට හදාගත්තම.

Screenshot 20200809 152309

මෙතනින් everyone කියන එක ලබාදීල තිබුනොත් ඕනම කෙනෙකුට ඔබව group එකකට ඇතුලත කරගන්න පුලුවන්.ඊලග එක my contacts මෙතනින් කියන්නෙ ඔබගෙ දුරකථනයේ දැනටමත් සිටින contacts අයට විතරක් ඔබව Group වලට ඇතුලත් කරගන්න පුලුවන් කියල. ඊලගට තියෙන්නෙ my contacts except මෙතනින් අපිට හදාගන්න පුලුවන් අපෙ contact ලිස්ට් එකේ සිටින අයගෙන් ඔයා අකමැතික කෙනෙකුට ඔයාව group එකට ඇතුලත් කරගන්න එක වලක්ව ගන්න.

ඊලගට වැදගත්ම එක තමයි blocked Contacts.

අපිට කරදරයක් වෙන ඕනම කෙනෙක්ව අපිට මෙම පහසුකමෙන් block කරල දාන්න පුලුවන්.

ඊලඟට අපි කතා කරන්නෙ privacy යටතෙ තියෙන finger print lock.

ඔබගෙ දුරකථනයෙ මෙන්න මේ finger print පහසුකම තියෙනවනම් මේ පහසුකම සක්‍රීය කරගන්න පුලුවන්. ඔබගෙ දුරකථනය නිතරම යාලුවො බලනවනම් , නංගිල,මල්ලිල, අම්ම අතරට යනවනම් ඔබට එන මැසේජ් එයාලට කියවන එක මග හැරගන්න ඒ පහසුකම වැදගත් වෙයි.

අපි දැන් කියන්න යන්නෙ account වලම තියෙන two step verification එක ගැන.

සමහර අය කියනව අපිට ඇහිල තියෙනව මගෙ whatsapp එකට ලොග් වෙන්න බෑ, එහෙමත් නැත්තන් මගෙ whatsapp ව්ක හැක් කරල කියල. ඉතින් ඒකෙන් මිදෙන්න හොදම විසදුම තමයි මුලින්ම two step verification එක සක්‍රීය කරල තියාගන්න එක.මේකදි ඔයාලට අංක 6 ක නම්බර් එකක් දීල තියාගන්න පුලුවන්.එතකොට වෙන කාටවත් ඒ අංක 6 නැතුව ඔයාගෙ නම්බර් එකෙන් වෙන කෙනෙකුට whatsapp ඇක්ටිව් කරගන්න බෑ. හැබැයි ඔබත් එම අංකෙ අනිවාර්යයෙම්ම මතක තියාගෙන ඉන්න ඕනෙ.

අපි දැන් account යටතෙ තියෙන වඩාත්ම වැදගත් දේවල් කතා කරල ඉවරයි.

ඊලගට අපි යමු setting වල තියෙන chats වලට.

whatsapp settings_වට්ස්ඇප් settings

මුලිම්ම අපිට මේකෙදි dark theme,light theme වගෙ දේවල් හදාගන්න පුලුවන්. ඇස් වලට වඩාත් හොදයි කියල කියන්න්නෙ dark theme එක.ගොඩක් whatsapp භාවිතා කරන අය මෙම dark theme පහසුකම එනකන් බලාගෙන හිටිය.මොකද දැනට ගොඩක්ම ජනප්‍රිය ඇප්ස් වල මෙම පහසුකම තියෙනව.

Screenshot 20200809 155221

ඊලගට තියෙන්නෙ chat backup.

මෙතනින් අපිට අපගේ chat හැම එකක්ම google drive එකට ගබඩා කරල තියන්න පුලුව.අනගතෙ දවස ඔයාට දුරකථනය මාරු කරන්න උනොත්, අලුත් එකක් ගන්න උනොත් ඔයාගෙ google drive eke ඊමේල් එක හරහා ඒ ඔක්කොම chats ලබාගන්න පුලුවන්. ඔබගෙ chats දත්ත හැමදාම ඕන ඕන අයට එහෙම backup කරල තියාගන්න එක ගොඩක් වැදගත්.

අපි අද අවසානෙට කථා කරන්න යන්නෙ data and storage usage

Screenshot 20200809 155809

ගොඩක් දුරට ඔබට මේ බලාගන්න පහසුකම තියෙනවද කියල දැනගෙන ඉන්නත් නැතුව ඇති.

Screenshot 20200809 160142

මේකෙ තියෙන පලවෙනිම එක තමයි network usage.අපිට මෙතනින් බලාගන්න පුළුවන් අපි දැනට කොයිතරම් data ප්‍රමාණයක් භාවිතා කරල තියනවද කියල.call,media,message,status යන ඒවා සදහා කොපමණ data ප්‍රමාණයක් භාවිතා කරල තියනවද කියල.ඔබට හිතෙනවා ඇති මම මෙච්චර data ප්‍රමාණයක් විනාශ කරගන තියනවද කියලා.

Screenshot 20200809 173144


Storage usage එකට ගියාම අපිට බලාගන්න පුළුවන් එක එක්කෙනාට message,photos,videos යවන්න කොයිතරම් නම් data පාවිච්චි කරලා තියනවද කියලා.ඒ වගේම කොපමණ massage ප්‍රමාණයක් ලැබිල තියෙනවද කියල

Screenshot 20200809 173305

ගොඩක් දුරට ඔබ පුදුමත් වෙයි මේ තරම් මැසේජ් ප්‍රමාණයක් ඔබට ලැබිල තියෙනවද මෙච්චර ඩේටා ප්‍රමාණයක් වැය වෙලාද කියල.

මේ දෙවල් තමයි අපිට අද කියන්න ඕන උනේ.මේ දේවල් ඔබ කලින් දැනන් හිටියද නැද්ද කියල පහල comment කරන්න.

Leave a Reply

error: